ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි හමුවෙලා



ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සහ ඉන්දීය රාජ්‍ය සභාවේ සාමාජික හා භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වන ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා අතර හමුවක් ඉකුත් දා පැවැත්විණි.

ඉන්දු ලංකා මිත්‍රත්වය සම්බන්ධයෙන් මෙහිදි ඔවුන් දෙදෙනා සාකච්ඡා පවත්වා ඇත.

මෙම හමුවේ දී ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා 2021-2023 කාලය තුළ ඉන්දියාවේ ශ්‍රී ලංකා දූත මණ්ඩලය අනුගමනය කිරීමට බලාපොරොත්තු වන උපායමාර්ගික සැලැසුම් සම්බන්ධයෙන් ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා දැනුවත් කර ඇත.


RECOMMEND POSTS