අලුතින් ශ්‍රමිකයන් කොරියාවට



කොරියාවේ රැකියා සඳහා අලුතින් ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම, ගෝලීය වසංගතය සමග 2020 වසරේ පෙබරවාරි මාසයේ සිට තාවකාලිකව අත්හිටුවා තිබූ අතර, වසර දෙකකට ආසන්නවීමත් සමග යළිත් කොරියාවට ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම ආරම්භ කර තිබේ.

ඒ අනුව කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත්ව අලුතින් රැකියා සඳහා පිටත්ව යන 33 දෙනකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් දකුණු කොරියාව බලා පිටත්ව ගිය බව වාර්තා වේ.

මෙම ශ්‍රමිකයන් පිටත්ව යාමේ අවස්ථාවට විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳ පොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න, කොරියානු මානව සම්පත් දෙපාර්තමේතුවේ නේවාසික අධ්‍යක්ෂ කිම් වොන් සියෝක් , විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ, සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක, අතිරේක සාමාන්‍යාධිකාරී (ජාත්‍යන්තර කටයුතු) මංගල රන්දෙණිය, ජ්‍යෙෂ්ඨ කළමනාකරු (ගුවන්තොටුපොළ) ජගත් බටුගෙදර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


RECOMMEND POSTS