අපේ නාවික කටයුතු ගැන සොයන්න එපා



“අදාළ පාර්ශව” සිය නෛතික සමුද්‍රීය කටයුතුවලින් ඈත්ව සිටිනු ඇතැයි බලාපොරොත්තු වන බව චීනය සිකුරාදා ප්‍රකාශ කළේ ය.

චීනයට අයත් සන්නද්ධ නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බවට ඉන්දියාව කරන අදහස් දැක්වීම්වලින් පසුව දීනය මේ බව සඳහන් කළේ ය.

හම්බන්තොට වරායට මෙම නෞකාව පැමිණීමට නියමිත අතර අගෝස්තු 11 වැනිදා එය වරායට ළඟා වනු ඇතැයි පැවසේ.

හම්බන්තොට වරාය සඳහා චීනය ආයෝජනය කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් වන අතර එය ආසියාවේ සිට යුරෝපය දක්වා නෞකා මාර්ගය ආසන්නයේ පිහිටා ඇත.

චීනය මෙම වරාය හමුදා කඳවුරක් ලෙස භාවිත කරනු ඇතැයි ඉන්දියාව කනස්සල්ලෙන් පසුවෙයි. චීනය මෙම වරාය ඉදි කර තිබෙන අතර මේ වනවිට එය කල්බදු පදනම යටතේ ක්‍රියාත්මක වේ.

රෙෆිනිටිව් ඉකෝන් නෞකා දත්තවලට අනුව චීනයට අයත් පර්යේෂණ සහ සමීක්ෂණ නෞකාවක් වන යුවාන් වැන්ග් 5 නෞකාව හම්බන්තොට කරා ගමන් කර ඇති අතර එම නෞකාව අගෝස්තු 11 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි පැවසේ.

දශක හතකට පසු ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටියි. මේ වසරේ මේ දක්වා ගෙවුණු කාලය තුළ දී පමණක් ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දී ඇති සහාය ඇමෙරිකානු ඩොලර් බිලියන 4කට ආසන්න වේ.

(රොයිටර්)


RECOMMEND POSTS