කොරෝනා පරීක්ෂණ වේගවත් කරයි



කුවේටය කොරෝනා වෛරසයට සම්බන්ධ පරීක්ෂණ වේගවත් කිරීමට කටයුතු කරන බව වාර්තා වේ.

පරීක්ෂණ වේගවත් කිරීම සදහා අවශ්‍ය උපකරණ ආනයනය කිරීමට කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ හා ආහාර පාලනය පිළිබඳ සහකාර උපලේකම් වෛද්‍ය අබ්දුල්ලා අල්-බද්ර් පැවසීය.

පරීක්ෂණ වේගවත් කිරීමෙන් පසු, මිනිත්තු පහක් හෝ දහයක් ඇතුළත කොරෝනා වෛරසය වැළඳී තිබෙනවාද නැද්ද යන්න තහවුරු කර ගත හැකි බව ඔහු පවසයි.

පරීක්ෂණ මිලියනයක් ක්‍රියාත්මක කිරීමේ සැලැස්මක් සෞඛ්‍ය අමාත්‍යාංශය එළිදක්වා ඇති බවත්, කුවේට් පුරවැසියන්ට සහ පදිංචිකරුවන්ට පරීක්ෂණවලට සහභාගි විය හැකි බවත් වෛද්‍ය අල්-බද්ර් වැඩිදුරටත් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS