95 වැනි ඔස්කාර් සිනමා සම්මාන උළෙල



ලෝක සිනමාවේ මෞලිමංගල්‍යය ලෙස සැලකෙතන ‘ඇකඩමි ඇවෝඞ්ස්’ හෙවත් ‘ඔස්කා’ සිනමා සම්මාන උළෙල, 95 වැනි වරට ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි රඟහලේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

මෙවර සිනමා උළෙලේ කැපී පෙනෙන චිත්‍රපයක් වූයේ ‘එව්රිතිං එව්රිවෙයා ඕල් ඇට් වන්ස්’ චිත්‍රපටයයි. ‘එව්රිතිං එව්රිවෙයා ඕල් ඇට් වන්ස්’ චිත්‍රපටය හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය ද ඇතුළු සම්මාන 7 ක් දිනා ගත්තේය.

චිත්‍රපටයේ අධ්‍යක්ෂවරුන් දෙදෙනා වන්නේ ඩැනියෙල් ක්වාන් සහ ඩැනියෙල් ෂෙයිනර්ට් ය. හොඳම නිළිය, හොඳම සහාය නිළිය සහ සහාය නළුවා වූයේ ‘එව්රිතිං එව්රිවෙයා ඕල් ඇට් වන්ස්’ චිත්‍රපටයට රංගනයෙන් දායක වූ මිෂෙල් යූ, ජෙමී ලී කර්ටිස් සහ ක්වී හියු කාන් ය. හොඳම තිර පිටපතට හිමි සම්මාන දිනා ගත්තේ ද ‘එව්රිතිං එව්රිවෙයා ඕල් ඇට් වන්ස්’ චිත්‍රපටයයි.

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේ බ්‍රෙන්ඩන් ෆ්‍රේසර්ය. ඒ, ‘ද වේල්’ චිත්‍රපටය සඳහාය. හොඳම සජීවීකරණ චිත්‍රපටය බවට පත් වූයේ ප්‍රවීණ අධ්‍යක්ෂ ගුලියේර්මෝ ඩෙල් ටෝරෝගේ ‘පිනෝකියෝ’ චිත්‍රපටයයි.

හොඳම පරිගණක ප්‍රයෝග වෙනුවෙන් ‘ඇවටාර්: වේ ඔෆ් වෝටර්’ චිත්‍රපටයට සම්මානය හිමිවිය. ‘බ්ලැක් පැන්තර්: වොකන්ඩා ෆෝ එවර්’ චිත්‍රපටය හොඳම ඇඳුම් නිර්මාණයට හිමි සම්මානය දිනා ගත්තේය.

මෙවර සිනමා සම්මාන උළෙලේ විශේෂත්වයක් වූයේ ඉන්දීය සිනමාවට සම්මාන දෙකක් හිමිවීමය. මීට පෙර ද විදෙස් සිනමා සම්මාන උළෙල කීපයකදී ඇගයීමට ලක්වුණු, එස්.එස්. රාජ්මෝලිගේ ‘ආර්.ආර්.ආර්’ චිත්‍රපටයේ ‘නාටුනාටු’ ගීතය හොඳම ස්වතන්ත්‍ර සිනමා ගීතයට හිමි සම්මානය දිනා ගත්තේය.

චිත්‍රපටයේ ප්‍රධාන නළුවෝ දෙදෙනා රාම් චරම් සහ එන්.ටී.ආර්. ජූනියර් සම්මාන උළෙලට සහබාගී වී සිටියහ. ඉන්දීය වාර්තා චිත්‍රපටයක් වන ‘එලිෆන්ට් විස්පරර්’ හොඳම වාර්තා චිත්‍රපටය බවට පත් විය.

(රොයිටර්)


RECOMMEND POSTS