80 වැනි ‘ගෝල්ඩන් ග්ලෝබ්’ සම්මාන උළෙල



80 වැනි ‘ගෝල්ඩන් ග්ලෝබ්’ සම්මාන උළෙල පසුගිය දා ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්විණි.

‘ගෝල්ඩන් ග්ලෝබ්’ යනු චිත්රසපට පමණක් නොව රූපවාහිනී ටෙලි කතා ඇගැයීමට ලක් කරන ජාත්යසන්තර සම්මාන උළෙලකි.

මීට පෙර පැවැති වෙනත් ‘ගෝල්ඩන් ග්ලෝබ්’ සම්මාන උළෙල මෙන් නොව, මෙවර උළෙලේ කැපී පෙනන සිදුවීමක් වූයේ එස්.එස්. රාජ්මෝලීගේ ‘RRR’ තෙලිගු චිත්ර්පටයේ Naatu Naatu ගීතය හොඳම ගීතයට හිමි සම්මානය දිනා ගැනීමය.

‘The Fabelmans’ හොඳම චිත්රතපටය සහ හොඳම අධ්ය ක්ෂණය වෙනුවෙන් සම්මානයට පාත්රa විය. ‘The Fabelmans’ චිත්රිපටයේ අධ්යවක්ෂවරයා ස්ටීවන් ස්පීල්බර්ග්ය.

හොඳම නිළිය ලෙස සම්මානය දිනුවේ කේට් බ්ලැන්චෙට්ය. ඒ, ‘Tár’ චිත්රනපටයේ රංගනය වෙනුවෙන් කළ රංගනය වෙනුවෙනි.

හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේ ඔස්ටින් බට්ලර්ය. ඒ, ‘Elvis’ චිත්රටපටයේ එල්විස්ගේ චරිතය අපූරු ලෙස නිරූපණය කරමිණි.

හොඳම සජීවීකරණ චිත්රලපටයට හිමි සම්මානය දිනා ගත්තේ ගුලියේමෝ දෙල් ටොරෝගේ ‘පිනෝකියෝ’ චිත්රතපටයයි. ඉංග්රීrසි නොවන හොඳම චිත්රොපයටය හිමි සම්මානය දිනා ගත්තේ ‘All Quiet on the Western Front’ චිත්‍රපටයයි.

හොඟම සහාය නිළිය කේ හුයි නුවාන්ය. ඇයට මෙම සම්මානය හිමිවූයේ ‘Everything Everywhere All at Once’ චිත්ර්පටයේ කළ රංගනය නිසාය.

හොඳම රූපවාහිනී කතාමාලාව ලෙස සම්මානය දිනා ගත්තේ ‘House of the Dragon’ කතාමාලාවය. සෙන්ඩායා, ‘Euphoria’ වෙනුවෙන් හොඳම නිළියට හිමි සම්මානය දිනුවාය. ‘Yellowstone’ රූපවාහිනී කතා මාලාව වෙනුවෙන් කෙවින් කොස්ට්නර් හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේය.

(AFP)


RECOMMEND POSTS