66 වැනි ෆිල්ම්ෆෙයාර්



ඉන්දීය සිනමාවේ මෞලිමංගල්‍යය ලෙස සැලකෙන 66 වැනි ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උළෙල පසුගිය දා පැවැත්විණි.

එහිදී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තේ අභිනව් සින්හා අධ්‍යක්ෂනය කළ ‘තප්පාඩ්’ චිත්‍රපටයයි.

‘තප්පාඩ්’ පසුගිය වසරේ පෙබරවාරි 28 වැනිදා ප්‍රදර්ශනය වූවකි. වෙනස් කතා තේමාවක් රැගත් මෙම චිත්‍රපටයේ ප්‍රධාන භුමිකාවට පණ පොවන්නේ ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිලි තප්සි පන්නුය.

තප්සි පන්නු මෙවර හොඳම නිළියට හිමි සම්මානය හිමි කර ගත්තාය.

‘තප්පාඩ්’ (අතුල්පහර) ඉන්දිය රුපියල් කෝටි 24 ක් වියදම් කර තැනු චිත්‍රපටයක් වන අතර, චිත්‍රපටය ප්‍රදර්ශනය වූ කාල සිමාවේදි ඉන්දිය රුපියල් කෝටි 45 කට ආසන්න මුදලක් උපයා ගැනීමට සමත් වී තිබේ.

මේ අතර හොඳම නළුවා ලෙස සම්මානය දිනා ගැනීමට සමත් වූයේ පසුගිය වසරේ අප්‍රේල් 22 වැනිදා අප අතරින් සමුගත් බොලිවුඩ් සිනමා නළු ඉර්ෆාන් ඛාන්ය. ඒ ඔහු අවසන් වරට සිනමා ප්‍රේක්ෂයන් මුණ ගැසුණ ‘අන්ග්‍රිස් මිඩියම්’ චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙනි.

ඉර්ෆාන් ඛාන් ට හිමිවුණු සිවුවැනි ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මානය වන අතර හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූ තුන්වැනි අවස්ථාව ලෙස මෙය ‘ෆිල්ම් ෆෙයාර්’ ඉතිහාසයට එකතු වේ.

ඉර්ෆාන් අවසන් වරට හොඳම නළුවා වූයේ 2018 වසරේ ප්‍රදර්ශනය වූ ‘ඉංග්‍රීසි මීඩියම්'  චිත්‍රපටයේ පළමු වැන්න වූ ‘හින්දි මිඩියම්’ චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙනි.

(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)


RECOMMEND POSTS