සංවරය ටෙලියේ චමත්කා



647060603_1504319947723001_3130520329227954942_n

පූජනී භාග්‍යා නිතර දකින්න ලැබෙන රංගන ශිල්පිනියක ද නොවේ. ආරාධනා කොතරම් ලැබුණ ද අනවශ්‍ය ලෙස කාර්යබහුල වීමට අකැමැති පූජනී තමන් දායක වන නිර්මාණ ප්‍රමාණය සීමිත වූවත් දැඩි කැපවීමෙන් උපරිම සාධාරණයක් ඉටුකිරීමට වෙහෙසෙන රංගන ශිල්පිනියකි. ගයාන් – පූජනී කැදැල්ලට මුල්තැන දෙන ඇය නිදහස ලැබෙන පරිදි නිර්මාණ කටයුතුවලටද දායක වී සිටී. 

සංවරය ටෙලි නිර්මාණයේ චමත්කාගේ චරිතය ගැන කතා කළොත්? 
‘සංවරය’ ප්‍රියන්ත ප්‍රනාන්දුගේ අධ්‍යක්ෂණයක්. මට ආරාධනාව ලැබෙන්නේ ප්‍රියන්ත අයියාගෙන්. මීට කලින් ඔහුගෙන් ලැබුණු ආරාධනයට මට සම්බන්ධ වෙන්න බැරි වුණා. ඊට පස්සේ තමයි සංවරය ටෙලි නාට්‍යයට ආරාධනා ලැබෙන්නේ. ටික කාලයක් රංගනයෙන් ඈත් වෙලා ඉඳලා යළි දකින්න ලැබීමත් එක්ක නැවතත් ආරාධනා ගලාගෙන එන්න ගත්තා. 
767372276_1627493908738937_5381328419953610711_n
769741783_1627493958738932_8263911631515932609_n
සංවරය ටෙලි නිර්මාණය ගැන කතා කළොත් ... 
සමාජයේ පවතින සංකීර්ණ ගැටලු තමයි සංවරය හරහා කතාබහට ලක්වෙන්නේ. මධූ කියන ගම්බද තරුණියගේ මව විදෙස්ගත වෙලා ලංකාවට එන්න බැරිව විදෙස් රටක හිරවෙලා ඉන්නවා. මව ගෙන්වාගන්න ඇය චමත්කාගෙන් උදවු බලාපොරොත්තු වෙනවා. 
 
චමත්කා කොහොම කෙනෙක්ද? 
චමත්කා මාධ්‍යවේදිනියක්. ගුවන් නියමු කැප්ටන් නුගාර සේනානායක කියන්නේ ඇගේ පෙම්වතා. ඔහු නිවාඩු අරන් ලංකාවට එන්නේ ඔවුන් දෙදෙනාගේ විවාහය ගන්න හිතාගෙන. ඒත් චමත්කා කියන්නේ රැකියාවටම කැපවුණු යුවතියක්. රැකියාවේ වැඩ කිහිපයක් හේතුවෙන් දින දමාගත් තම විවාහයත් ඇය කල් දානවා. ඊට පස්සේ රැකියාවේ මෙන්ම තමන්ගේ පෞද්ගලික ජීවිතයේ ඇයට මුහුණදෙන්න වෙන ගැටලු ඔස්සේ තමයි කතාව ගලන්නේ. 
768551044_1627494005405594_2255744426245435761_n
767231761_1627494032072258_2775377807797958623_n
චමත්කා පූජනීට වඩා හාත්පසින් වෙනස් නේද? 
 ඇත්තටම ඔව්. චමත්කා කියන්නේ තමන්ගේ රැකියාවේ හීන පස්සේ දුවන තරුණියක්. පූජනී කියන්නේ ආදරය තමන්ගේ ජීවිතේ අංක එක විදිහට සලකන, ඒ ලැබුණු ආදරය ජීවිත කාලෙටම පරිස්සම් කරගන්න වෙහෙසෙන තරුණියක්. පූජනී තමන්ගේ රැකියාව වෙනුවෙන් පෞද්ගලික ජීවිතය කිසිසේත්ම අතනොහරිනවා වගේම භාරගත්ත වැඩක් කවදාවත් අතරමඟ දමා නොයන, අන් කිසිවකු අපහසුතාවට පත් නොකරන කෙනෙක්. 
 
චමත්කාට ලැබෙන ප්‍රතිචාර කොහෙමද? 
සෑහෙන ප්‍රතිචාර ලැබෙනවා. නුගාර නොසලකා හැරීම සම්බන්ධයෙන් නම් හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ නෑ. මගේ දෙබස්වලත් නපුරු ගතියක් තියෙන නිසා සමහර විට ප්‍රේක්ෂකයන් නොසන්සුන් වෙලා ඇති. පූජනී භාග්‍යා කියන්නේ කිසිසේත්ම එහෙම චරිතයක් නොවෙයි කියන එක ඔවුන් දන්නවා. ප්‍රතිචාර ලැබෙනවා කියන්නෙ මම හොඳින් චමත්කාගේ චරිතය කරනවා කියන එකනේ. ඒක සතුටක්. 640395216_1489540419200954_3456439607365391442_n
628911790_1480170256804637_6703746275433001907_n
හෙශාන් මනුල ආදරවන්තයා විදිහට හමුවන පළමු අවස්ථාව නේද? 
 ආදරවන්තයා විදිහට හමුවෙන්නේ පළමුවතාවට. ඒත් මනුල අයියයි මායි නිර්මාණයකට දායක වන දෙවැනි අවස්ථාව. මීට කලින් සියත නාළිකාවේ විකාශය වුණු රේස් ටෙලි නිර්මාණයේ අපි වැඩ කළා. 
 
සංවරය ටෙලියේ වෙනසක් දකිනවද? 
සංවරය කියන්නේ සීමිත කොටස් ප්‍රමාණයක ටෙලි නිර්මාණයක්. මුළු පිටපතම මේ වෙද්දි අපට ලැබිල තියෙන නිසා අවසානය මොකක්ද කියන එක දැනටමත් දන්නවා. ඒ නිසා නිසි අවබෝධයකින් අපි කණ්ඩායම ම හරිම ලස්සනට වැඩේ කරගෙන යනවා. 
725664700_26917808354557220_8220843709032929921_n
ප්‍රියන්ත ප්‍රනාන්දු වගේ සම්මානනීය අධ්‍යක්ෂවරයෙක් එක්ක වැඩ කරන්න ලැබීම කොහොමද?
ප්‍රියන්ත අයියා ගැන නම් කියන්නම ඕන. එයා කණ්ඩායමේ හැමෝම එක්ක විහිළු කරගෙන හරිම විනෝදයෙන් ඉන්න කෙනෙක්. ඒත් අදාළ වැඩේ වෙලාවට වැඩේම ඉන්න ඕන. ඔහුගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම එයාගේ ඕනෑම නාට්‍යයකට කුමක්ම හෝ සම්මානයක් ලැබෙනවාමයි. 
 
සිනමාවටත් සම්බන්ධයි කියලා ආරංචියි 
මගේ අලුත්ම චිත්‍රපටය තිළිණ බොරලැස්සගේ ‘මං හොයන්නේ ප්‍රේමයක්‘ තිරගත වෙනවා. සන්තුෂ්කි අභිලාෂි, දර්ශන් තවරාජ් ප්‍රධාන භූමිකාවලින් දායක වෙද්දී මමත් නිල්මිණී තෙන්නකෝන් අක්කත් උප ප්‍රධාන චරිතවලින් දායක වෙනවා. ආදරණීය කතාවකින් ඉතාම ඉක්මනින් තිරයෙන් හමුවෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

RECOMMEND POSTS