නිකිතා රාවල්ට ලැබුණු හාදුව



නිකිතා රාවල් යනු බොලිවුඩ් සිනමාවේ ජනප්‍රියත්වය චරිතයකි. Garam Masala, Black & White වැනි ඇය රසික රසිකාවියන්ගේ ආදරය දිනාගෙන සිටී.

පසුගිය දා නිකිතාට, අනපේක්ෂි, තරමක අපහසුතාවයට පත්වන්නට සිදු වූ සිදුවීමකට මුහුණ දෙන්න සිදු විය. ඒ ඇය ප්‍රසිද්ධ උත්සවයක රතු පලස මතදී, ඇගේ රසිකාවික ඇයට ළං වීමත් සමගය.

තම ආදරණීය නිළිය නිකිතා දුටු එම රසිකාවියක් එකපාරටම ඇය ළඟට ඇවිත් කතාබහ කරන්න පටන් ගත්තාය. ඉන්පසු ඇය නිකිතාගේ කම්මුලක් සිප ගත්තාය. ඒත් ඇය එතැනින් නරත වූයේ නැත. ඇය නිකිතා පුදුමයට පත් කරමින් ඇගේ තොල් සිපගන්න වූවාය.

රසිකාවියගේ මේ නොසිතූ හැසිරීමෙන් නිකිතා කලබල වූවාය. මේ සියල්ල ඇතුළත් වීඩියෝ දසුන් එක රැයින් සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය විය. බොහෝ දෙනකු නිකිතා විවේචනය කරමින් ඇයට දොස් නගන්න විය.

එම සිද්ධියට අදාළ වීඩියෝ දසුන් වයිරල් වීමත් සමග නිකිතාගේ ආදරණීය රසිකයන් ඇය වෙනුවෙන් පෙනී සිටිමින් අදහස් කරන්න වූයේ එව නිකිතා දැන සිටි​ දෙයක් නොවන බවත්, ඇය අපහසුවට පත්වුණු බවත්ය. වීඩියෝ දසුන් නරඹද්දී ඒ බව පැහැදිලි වන බව ද නිකිතාගේ ආදරණීය රසිකයන් පෙන්වා ​දී ඇත.

මේ සම්බන්ධයෙන් පසුව නිකිතා සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තැබුවේ ඇය වෙනුවෙන් පෙනී සිටි ඇගේ රසිකයන්ට ස්තුති කරමිනි.

‘ඔයාලා හැමෝම ලබා දුන් ආදරයට සහ සහයෝගයට ගොඩක් ස්තූතියි. මම ඒක ගොඩක් අගය කරනවා. මා නිවැරදි බවත්, මා කිසිම වැරැද්දක් කර නැති බවත් ඔයාලා දන්නවා. මට හංගන්න දෙයක් නැහැ, මා සෑම විටම සත්‍යය වෙනුවෙන් පෙනී සිටිනවා’ යැයි නිකිතා පවසා ඇත.


RECOMMEND POSTS