යමී ගෞතම්ට මංගල සීනු



බොලිවුඩ් සුරූපිනී යමී ගෞතම් ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා, ඇගේ රසික රසිකාවියන් පුදුමයට පත් කර කළේ ඇගේ මංගල උත්සවයේ ඡායාරූ පළ කරමිනි.

යමීගේ රසික රසිකාවියන් පමණක් නොව, ඉන්දීය මාධ්‍යවලට පවා එය අලුත් පුවතක් වූ බව නිසැකය. 32 හැවිරිදි බොලිවුඩ් සුරූපිනියගේ අත ගත්තේ බොලිවුඩ් සිනමා අධ්‍යක්ෂවරයකු වන ආදිත්‍යා ධාර් ය.

කොරෝනා වසංගය හේතුවෙන් විවාහ මංගල උත්සවයට වැඩි ප්‍රසිද්ධියක් නොදුන් බවත්, පවුල් දෙකේ සමීපතමයන් පමණක් සහභාගී වූ බවත් යමීගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සඳහන් වෙයි.

ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා ඡායාරූප ප්‍රසිද්ධ වෙද්දී යමී සහ ආදිත්‍යා ධාර්ගේත් බොලිවුඩ් මිතුරු මිතුරියන් වැල නොකැඩී උණුසුම් ලෙස සුබ පතා තිබේ.

දීයා මිස්රා, වානී කපූර්, ජැකලීන් ෆර්නෑන්ඩේස්, නේහා දූපියා, භූමි පෙන්ඩෙකාර් මුලින්ම සුබ පැතුම් එක් කළ ලැයිස්තුවට ඇතළත්ව සිටිති.

යමී ගෞතම් බොලිවුඩ් සිමනා නිර්මාණ කීපයකට සම්බන්ධ වුණු ජනප්‍රිය නිළියකි. 'විකී ඩෝනර්', 'කාබිල්' යනු එයින් කීපයකි. ඉදිරියේ දී යමී 'බූත් පොලීස්' චිත්‍රපටය හරහා දකින්න ලැබෙනු ඇත.

ආදිත්‍යා ධාර් වඩාත් ප්‍රකට වූයේ 2019 වසරේ තිරගත වුණු 'Uri: සර්ජිකල් ස්ට්‍රයික්' චිත්‍රපටයෙනි. යමී මෙම චිත්‍රපටයට සම්බන්ධ වූවාය. ඒ, RAW බුද්ධි ඒජන්තවරියක ලෙසය.

ආදිත්‍යා ධාර්ගේ මීළඟ චිත්‍රපටය වන්නේ 'ඉමෝටල් ආෂ්වතාමා' ය. මෙහි ප්‍රධාන චරිතයට විකී කෞෂාල් එක් වී සිටී. 'Uri: සර්ජිකල් ස්ට්‍රයික්' චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පෙව්වේ විකී කෞෂාල් ය.

එන්.ඩී.ටීවී.


RECOMMEND POSTS