උපාධි හිමිකරගත් නිවුන් සොයුරියෝ



ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ වසර 168 ක ඉතිහාසය තුළ ප්‍රථම වතාවට, පෙනුමින් සමාන නිවුන් සොහොයුරියන් දෙදෙනකු​ට එකම අවස්ථාවක, ආචාර්ය උපධි ප්‍රදානය සිදුවිය. විශේෂත්වය නම්,  එම නිවුන් සොහොයුරියන් දෙදෙනා ශ්‍රී ලාංකික තරුණියන් වීමය.

නදීශා සහ තේජානි ගුණරත්න යන එම නිවුන් සොහොයුරියන් දෙදෙනා, ලෝක නිවුන් දිනයට දිනකට පෙර, ඉකුත් 17 වැනිදා සිය ආචාර්ය උපාධිය හිමි කර ගත් බව ඕස්ට්‍රේලියා මාධ්‍ය පවසා තිබේ.

ආහාර විද්‍යාව සහ තාක්ෂණවේදය පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරීමෙන් පසු, සොහොයුරියන් දෙදෙනා 2016 දී මෙලබර්න් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය හැදෑරීම ආරම්භ කළ බව ද පැවැසෙයි.

උපාධි ප්‍රදානෝත්සවය 2020 මාර්තුවේ පැවැත්වීමට සැලැසුම් කර තිබුණ ද ‘කොවිඩ් 19’ වසංගතය ඊට හරස් වී ඇත.

තේජානි ගුණරත්න ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥවරියක ලෙස කටයුතු කරන අතර, නදීෂා ගුණරත්න අධ්‍යයන විද්‍යාඥවරියක ලෙස කටයුතු කරයි. තේජානි, මෙල්බර්න් නුවර පදිංචිව සිටින අතර, නදීශා රැකියාව කරන්නේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරය.

ලෝකයේ දෙකෙළවරක සිටියත් තමන් දෙදෙනා අන් කවරදාටත් වඩා එකිනෙකාට සමීප යැයි නිවුන් සොහොයුරියෝ කියති.

‘අපි දවස තිස්සේ ඉඩ ලැබුණු සැණින් එකිනෙකා සමඟ කතා කරනවා. කෙටි පණිවුඩ හුවමාරු කර ගන්නවා. නැතිනම් සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙනවා. උපාධි ලබා ගැනීමට අප දෙදෙනාට යළි එකිනෙකා මුහුණට මුහුණ හමුවෙන්න ලැබුණා. එයත් සුවිශේෂී සිදුවීමක්.

විශේෂ වාර්තාකරුවෙකු විසිනි


RECOMMEND POSTS