අදානිට චෝදනා !



ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරික ගෞතම් අදානිට වංචා චෝදනා එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. චෝදනා හේතුවෙන් ඔහුගේ සමාගම්වල කොටස් මිලද පහත වැටී ඇතැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ෆෝබ්ස් සගරාවට අනුව, බිලියනපතියන්ගේ ලැයිස්තුවට අනුව, අදානි සිටින්නේ තෙවැනි ස්ථානයේය.නමුත් ඔහුගේ කොටස්වල වටිනාකම පහත වැටීමත් සමග ඔහු එම ලැයිස්තුවේ 7 වැනි ස්ථානය දක්වා පහතට වැටී ඇතැයි දැන ගන්න ලැබේ.

කොටස් මිල අඩු වීම හේතුවෙන් අදානි සතු වත්කම්වලින් ඇමරිකානු ඩොලර් බිලියන 20ක් පමණ ඔහුට අහිමි වී ඇති බවද සඳහන් වෙයි. එයින් පසු ඔහුගේ ශුද්ධ වත්කම සටහන් වී ඇත්තේ ඇමරිකානු ඩොලර් බිලියන 96ක් ලෙසය.

අදානිට එරෙහිව චෝදනා එල්ල කර ඇත්තේ ඇමරිකාවේ Hindenburg Research ආයතනය යැයි ද පැවැසෙයි.  Hindenburg Research ආයතනය පෙන්වා දී ඇත්තේ, අදානි සමූහ ව්‍යාපාරය දශක ගණනාවක් තිස්සේ නිර්ලජ්ජිත ආකාරයෙන් කොටස් සම්බන්ධ වංචාවල සහ ගිණුම්කරන වංචාවල නිරතව ඇති බවය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS