“ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන - 2021” උළෙල



ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ මෙහෙයවීමෙන් වාර්ෂිකව සංවිධානය කෙරුණු “ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන - 2021” උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී ඊයේ (13) පස්වරුවේ අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

මෙහිදී වසරේ හොඳම වෙබ් අඩවි නිර්මාණ සැලසුම (සිංහල) සඳහා වන සම්මානය අඅඅගක්බන්ාැැච්ගකන (ලංකාදීප එසැණ) වෙබ් අඩවියට හිමි වූ අතර, විජය පුවත්පත් සමාගම වෙනුවෙන් තවත් සම්මාන හා කුසලතා සහතික රැසක් හිමිවිය.

මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස ‘සන්ඩේ අයිලන්ඩ්’ පුවත්පතේ ප්‍රධාර කර්තෘ මණික් ද සිල්වා මහතා සහභාගී වූ අතර, සම්මාන උළෙල මෙවර පැවැත්වූයේ 23 වැනි වරටය.

ශ්‍රී ලංකා කර්තෘ සංසදය මගින් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය හා ඊට සම්බන්ධ වෘත්තීය සමිති, ශ්‍රී ලංකා පුවත්පත් සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය යන සංගම්වල ද සහයෝගය ඇතිව මෙම උළෙල සංවිධානය කර තිබිණි.

සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනට අයත් දිනපතා සහ සතිපතා පුවත්පත් වෙනුවෙන් අංශ 17 ක් යටතේ සම්මාන 34ක් සහ කුසලතා සම්මාන 17ක් මෙහිදී පිරිනැමිණි.

එමෙන්ම පුවත්පත් ක්‍ෂේත්‍රයට විශිෂ්ට සේවාවක් ඉටු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදින් පස් දෙනෙකු සඳහා ජීවිතයේ එක්වරක් පිදෙන ‘දීර්ඝ සේවා සම්මාන’ පිරිනැමීම ද සිදුකෙරුණු අතර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් වන දයා ලංකාපුර, ඒ.ඩී රංජිත් කුමාර, පොන්නයියා මානිකවාසගම්, පී.බී ඉලංගසිංහ යන මහත්වරුන් සහ චිත්‍රා වීරරත්න, මහත්මිය මෙවර එම සම්මාන හිමිකරගත්හ.

මෙවර “ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන - 2021” සම්මාන ලැබූවෝ මෙසේය.

වසරේ ජනමාධ්‍යවේදියා උදෙසා පිරිනැමෙන ‘මර්වින් සිල්වා සම්මානය’

ආසිරි ප්‍රනාන්දු මහතා -- (ද සන්ඩේ මෝර්නින් පුවත්පත)

මහජනයාගේ සහ සහෘදයන්ගේ ඇගයුමට ලක්වීම සඳහා වූ ඩී.ආර් විජයවර්ධන සම්මානය

ඩී.බී.එස්. ජෙයරාජ් මහතා

වසරේ තරුණ මාධ්‍යවේදියා උදෙසා පිරිනැමෙන ‘ඩෙන්සිල් පීරිස් සම්මානය’ හේෂානි අමන්දිකා කුරේ මෙනෙවිය (අනිද්දා පුවත්පත)

කුසලතා සහතිකය

තරුෂි වීරසිංහ මෙනෙවිය (ද සන්ඩේ ටයිම්ස්’ පුවත්පත)

වසරේ හොඳම ගවේෂණශීලී මාධ්‍යවේදියා

පියුමි ෆොන්සේකා මෙනවිය (ඩේලි මිරර් පුවත්පත)

වසරේ හොඳම ඡායාරූප මාධ්‍යවේදියා

ඒෂාන් ප්‍රනාන්දු මහතා (ද සන්ඩේ ටයිම්ස් පුවත්පත)

වසරේ හොඳම තීරු ලිපි රචකයා වෙනුවෙන් පිදෙන ‘බී.ඒ සිරිවර්ධන සම්මානය’ (සිංහල)

‘හී සැරය’ තීරු ලිපිය රචනා කරන කපිල කුමාර කාලිංග මහතා (දේශය පුවත්පත)

වසරේ හොඳම තීරු ලිපි රචකයා වෙනුවෙන් පිදෙන ‘බී.ඒ සිරිවර්ධන සම්මානය’ (දෙමළ)

අබ්දුල් රහීම් අබ්දුල් ෆරීල් මහතා (විඩිවෙල්ලි’ පුවත්පත)

වසරේ හොඳම පරිසර වාර්තාකරු (සිංහල)

සුභාෂිනී ජයරත්න මහත්මිය (සිළුමිණ පුවත්පත)

කුසලතා සහතිකය

රේඛා තරංගනී ෆොන්සේකා මහත්මිය (ලංකාදීප පුවත්පත)

වසරේ හොඳම පරිසර වාර්තාකරු (දෙමළ)

මුත්තු මරික්කාර් මොහොමඩ් මාර්ලින් මහතා (තිනකරන් පුවත්පත)

වසරේ හොඳම පරිසර වාර්තාකරු (ඉංග්‍රීසි)

ෆාදිලා තසීම් මෙනෙවිය (සිලෝන් ටුඩේ පුවත්පත)

වසරේ හොඳම සමාජ සංවර්ධන වාර්තාකරණය සඳහා වූ ‘සුබ්‍රමනියම් චෙට්ටියාර් සම්මානය

ඉෂාර රත්නකාර මහතා (අරුණ පුවත්පත)

කුසලතා සහතික

වඩිවේල් ශක්තිවේල් මහතා (ටැමිල් මිරර් පුවත්පත)

විශේෂ වාතාවරණයන් යටතේ වාර්තාකරණය උදෙසා වූ ‘මහාචාර්ය කේ. කෛලාසපති’ සම්මානය (සිංහල)

(කුසලතා සහතිකය)

නදීශා අතුකෝරළ මෙනෙවිය (ඉරිදා ලංකාදීප පුවත්පත)

විශේෂ වාතාවරණයන් යටතේ වාර්තාකරණය උදෙසා වූ ‘මහාචාර්ය කේ. කෛලාසපති’ සම්මානය (දෙමළ)

ආර්. රාම්කුමාර් මහතා (සතිපතා වීරකේසරී පුවත්පත)

 

වසරේ හොඳම විශේෂාංග රචකයා සඳහා වූ ‘උපාලි විජයවර්ධන සම්මානය’ (සිංහල)

තරංග රත්නවීර මහතා (ඉරිදා දිවයින’ පුවත්පත)

වසරේ හොඳම විශේෂාංග රචකයා සඳහා වූ ‘උපාලි විජයවර්ධන සම්මානය’ (දෙමළ)

රොබට් ඇන්තනී (වීරකේසරී පුවත්පත)

ශිවලිංගම් ශිවකුමාරන් (වීරකේසරී පුවත්පත)

වසරේ හොඳම විශේෂාංග රචකයා සඳහා වූ ‘උපාලි විජයවර්ධන සම්මානය’ (ඉංග්‍රීසි)

සුමුදු චාමර මහතා (ද මෝර්නින් පුවත්පත)

තොරතුරු දැනගැනීමේ පනත භාවිතයෙන් රචිත හොඳම ප්‍රවෘත්තිය (සිංහල)

කාංචන කුමාර ආරියදාස (සිළුමිණ පුවත්පත)

තොරතුරු දැනගැනීමේ පනත භාවිතයෙන් රචිත හොඳම ප්‍රවෘත්තිය (දෙමළ)

ප්‍රසන්න කුමාර් (තිනක්කුරල් පුවත්පත)

වසරේ හොඳම ක්‍රීඩා මාධ්‍යවේදියා (සිංහල)

ප්‍රින්ස් ගුණසේකර (දිනමිණ පුවත්පත)

වසරේ හොඳම ක්‍රීඩා මාධ්‍යවේදියා (දෙමළ)

ඊ රවිවර්මා (තමිලන් පුවත්පත)

වසරේ හොඳම ක්‍රීඩා මාධ්‍යවේදියා (ඉංග්‍රීසි)

අංජන කල්හාර කළුආරච්චි (සිලෝන් ටුඩේ පුවත්පත)

වසරේ හොඳම මූල්‍ය හා ව්‍යාපාර කටයුතු පිළිබඳ මාධ්‍යවේදියා (දෙමළ)

රොබට් ඇන්තනී (දිනපතා වීරකේසරී පුවත්පත)

වසරේ හොඳම මූල්‍ය හා ව්‍යාපාර කටයුතු පිළිබඳ මාධ්‍යවේදියා (ඉංග්‍රීසි)

මධූෂා තවපලකුමාර් (ද සන්ඩේ මෝර්නින් පුවත්පත)

වසරේ හොඳම කාටූන් ශිල්පියා (සිංහල)

ප්‍රසාද් හසන්ත විජේනායක (අරුණ පුවත්පත)

වසරේ හොඳම කාටූන් ශිල්පියා (දෙමළ)

නාමල් මධුශංඛ අමරසිංහ (ටැමිල් මිරර් පුවත්පත)

වසරේ හොඳම කාටූන් ශිල්පියා (ඉංග්‍රීසි)

නාමල් මධුශංඛ අමරසිංහ (ඩේලි මිරර් පුවත්පත)

වසරේ හොඳම සෞඛ්‍ය රැකවරණ හා වෛද්‍ය තොරතුරු වාර්තාකරණය (සිංහල)

සුරේකා නිල්මිණි ඉලංගකෝන් මහත්මිය (සිළුමිණ පුවත්පත)

වසරේ හොඳම සෞඛ්‍ය රැකවරණ හා වෛද්‍ය තොරතුරු වාර්තාකරණය (දෙමළ)

ෆාතිමා හස්නා (තිනක්කුරල් පුවත්පත)

වසරේ හොඳම සෞඛ්‍ය රැකවරණ හා වෛද්‍ය තොරතුරු වාර්තාකරණය (ඉංග්‍රීසි)

සුමුදු චාමර (ද මෝර්නින් පුවත්පත)

වසරේ හොඳම පුවත්පත් නිර්මාණ සැලසුම (සිංහල)

සිළුමිණ

වසරේ හොඳම පුවත්පත් නිර්මාණ සැලසුම (දෙමළ)

තිනක්කුරල්

වසරේ හොඳම පුවත්පත් නිර්මාණ සැලසුම (ඉංග්‍රීසි)

සති අග එෆ්.ටී

වසරේ හොඳම වෙබ් අඩවි නිර්මාණ සැලසුම (සිංහල)

 www.lankadeepa.lk  (ලංකාදීප එසැණ)

වසරේ හොඳම වෙබ් අඩවි නිර්මාණ සැලසුම (දෙමළ)

www.metronews.lk

වසරේ හොඳම වෙබ් අඩවි නිර්මාණ සැලසුම (ඉංග්‍රීසි)

www.dailymirror.lk

කුසලතා සහතිකය

www.ft.lk

ශ්‍රී ලංකා කර්තෘ සංසදය විසින් 1999 වසරේදී ආරම්භ කළ මෙම සම්මාන උළෙල මෙරට විශාලතම ජනමාධ්‍ය සම්මාන සම්මාන උළෙල ද වේ.

මෙවර මේ සඳහා සිංහල, දෙමළ, ඉංග්‍රීසි පුවත්පත් වෙතින් අයදුම්පත් 251 ක් ඉදිරිපත්ව තිබූ බව සංවිධායකයෝ පවසති.

මෙවර සම්මාන උළෙලේ ප්‍රධාන දායකත්වය ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්, ඩයලොග් එල්.ඕ.එල්.සී, ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව සහ ඕලු බොම්ල්වි යන ආයතන මගින් දැරූ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් හා ඉන්සී සිමෙන්ති අනෙකුත් අනුග්‍රාහකයන් විය. සත්කාරක අනුග්‍රාහක දායකත්වය ගල්කිස්ස මහහෝටලයෙනි.

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ සභාපති කුමාර් නඩේසන්, ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ සභාපති, විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්‍ෂ සහ ලංකාදීප ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ, ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ උත්තරීතර සභා නියෝජිත, සන්ඩේ ටයිම්ස් පුවත්පතේ කර්තෘ සිංහ රත්නතුංග, ලේකම්, ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ සිසිර පරණතන්ත්‍රි, භාණ්ඩාගාරික, වීරකේසරී සති අග පුවත්පතේ කර්තෘ ආර්. ප්‍රභාගන් යන මහත්වරුන් ඇතුළු පුවත්පත් කතුවරුන්, මාධ්‍ය සංවිධාන නියෝජිතයන්, මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ඩයනා උදයංගනී)


RECOMMEND POSTS