‘ට්විටර්’ සමාගමට නව ප්‍රධානියෙක්



තමන් ‘ට්විටර්’ සමාගමේ ප්‍රධාන විධායක ධුරයෙන් සමුගන්නා බවත්, ප්‍රධාන විධායක ධුරයට ලින්ඩා යකරිනෝ පත් කිරීමට තීරණය කළ බවත් බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක් නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේය.

එම නිවේදනයට අනුව, ලින්ඩා යකරිනෝ තව සති 6 කින් ‘ට්විටර්’ සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස රාජකාරි ආරම්භ කරනු ඇතැයි ද පැවැසෙයි.

ලින්ඩා දශකයකට වැඩි කාලයක් ‘එන්බීසී යුනිවර්සල්’ සමාගමේ ප්‍රධානියා ලෙස කටයුතු කළාය. දැන්වීම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු ලෙස ලින්ඩා යකරිනෝ ප්‍රකටය. ලින්ඩා, ලිබරල් කලා සහ විදුලි සංදේශ හැදෑරූ පෙන් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ ආදි සිසුවියකි.

(රොයිටර්)


RECOMMEND POSTS