හොලිවුඞ් නළු බෲස් විලිස් ඩිමෙන්ෂියාවෙන් පෙළෙනවා



හොලිවුඞ් ක්‍රියාදාම නළුවකු ලෙස ලොව කාගේත් ආදරය දිනා සිටින බෲස් විලිස් ඩිමෙන්ෂියා රෝගී තත්ත්වයකින් පෙළෙන බවත්, එය සුව කළ නොහැකි බවත් වෛද්‍යවරු පවසති.

මාධ්‍ය හමුවේ මේ බව අනාවරණය කළේ බෲස් විලිස්ගේ පවුලේ සාමාජිකයන්ය. මතකය දුර්වල වීමේ ගැටලු හේතුවෙන් බෲස් විලිස් පසුගිය 2022 වසරේ රංගනයෙන් ද සමුගත්තේය.

67 හැවිරිදි බෲස් විලිස් අතිශය ජනප්‍රිය චරිතයක් බවට පත් වූයේ ‘ඩයි හාඞ්’ චිත්‍රපට මාලාව හරහාය. බෲස් විලිස් සිය රංගන කටයුතු ආරම්භ කළේ ‘මූන් ලයිට්නිං’ නමැති රූපවාහිනී කතාමාලාව හරහාය.

බෲස් විලිස් උපන්නේ ජර්මනියේය. ඒ, 1955 මාර්තු 19 වැනිදාය.

බෲස් විලිස් දෙවරක් විවාහ වී ඇත. ඔහුට දරු දැරියන් පස් දෙනෙකි. බෲස් විලිස්ගේ පළමු බිරිඳ ජනප්‍රිය නිළි ඩෙමී මෝර් ය. දෙදෙනා විවාහ වූයේ 1987 දීය. දික්කසාද වූයේ 2000 වසරේදීය. බෲස් විලිස්ගේ වත්මන් බිරිඳ නිරූපිකාවක ද වන එමා හෙමින් ය. එමා හෙමින්ගේ වයස අවුරුදු 44 කි.

(රොයිටර්)


RECOMMEND POSTS