හොඳම බැගෙත් පාන් නිෂ්පාදන බේකරිකරුවා



ප්‍රංශයේ හොඳම බැගෙත් පාන් නිෂ්පාදන බේකරිකරුවා තේරීමේ තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෙක් සමත් වී සිටී.

හොඳම බැගෙත් පාන් නිෂ්පාදන බේකරිකරුවා බවට පත් වී ඇත්තේ සංක්‍රමණිකයකු ලෙස ප්‍රංශයට ගිය ඔහු 37 හැවිරිදි තර්සාන් සෙල්වරාජාය.

බැගෙත් යනු ප්‍රංශයේ ජනප්‍රිය මෙන්ම සම්ප්‍රදායික පාන් වර්ගයකි. තුනී පිටි ගුලියකින් එය නිපදවයි. බැගෙත් පාන් දිගැටි හැඩයක් ගනී.

තර්සාන් සෙල්වරාජා, ප්‍රථම ස්ථානය හිමි කර ගත්තේ, 30 වැනි වරටත් පවත්වන ලද 'ග්‍රොන් ප්‍රී දෙ ල බැගෙත් දෙ ත්‍රොදිෂනල් ෆ්‍රොන්සේ දෙ ලා විල් ද පරී' තරගයෙනි.

තරඟයට අනුව පිටි කිලෝග්‍රෑමයකට, ලුණු ග්‍රෑම් 18ක් අඩංගු ග්‍රෑම් 250ත් 300ත් අතර බරින් යුත් බැගෙත් පාන් දෙකක් සෑම බේකරිකරුවෙකුම ඉදිරිපත් කළ යුතු විය.

15 දෙනකුගෙන් යුත් ජුරි සභාවක් තරගයේ පළමු ස්ථානයට සෙල්වරාජා තෝරා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ජයග්‍රහණයත් සමග සෙල්වරාජා ට යුරෝ 4,000 ක මුදලක් සමග පුරා වසරක් ප්‍රංශ ජනාධිපතිවරයාට බැගෙත් පාන් සැපයීමේ කොන්ත්‍රාත්තුව ලැබෙනු ඇති බව ද පැවැසෙයි.

(ප්‍රංශ පුවත් ඇසුරිනි)


RECOMMEND POSTS