වයසට යද්දී පරිනත වෙනවා - සමන්තා



සමන්තා රූත් ප්‍රභූ දකුණු ඉන්දීය ජනප්‍රිය නිළියක පමණක් නොව; සමාජ මාධ්‍ය හරහා ද රසික හදවත් දිනූ සුරූපිනියකි.

පසුගිය අප්‍රේල් 28 වැනිදා ඇය 35 වැනි උපන් දිනය සැමරුවාය. එම අවස්ථාවේ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සිය ඡායාරූපයක් ද පළ කරමින් සමස්තා පවසා තිබුණේ 'තමන් දිනෙන් දින පවයසට යද්දී, පරිනත වෙමින් සිටිනවා' යනුවෙනි.

සමන්තා සිය 35 වැනි උපන් දිනය සැමරුවේ ඉන්දීය කාශ්මීරයේදීය. ඒ ඇය මේ වනවිට රූගත කිරීම්වල නියැලෙමින් සිටින බැවිනි.

සමන්තා රූත් ප්‍රභූ ප්‍රධාන චරිතය නිරූපණය කරන, මේ වනවිට රූගත වෙමින් පවතින සිනමා පටය වන්නේ 'සකුන්තලා' ය. මහා කවි කාලියදාසයන්ගේ 'සකුන්තලා' නාට්‍යය ඇසුරින් මෙම සිනමා පටය නිර්මාණය වෙයි.

(ෆිල්ම්ෆෙයාර්)


RECOMMEND POSTS