රේ ස්ටීවන්සන් මියයයි



හොලිවුඞ් ක්‍රියාදාම චිත්‍රපට රැසක මෙන්ම අතිශය ජනප්‍රිය වුණු ‘ආර්.ආර්.ආර්’ තෙලිගු චිත්‍රපටයේ බ්‍රිතාන්‍ය ජාතික දුෂ්ට ආණ්ඩුකාරවරයාගේ චරිතයට පණ පෙවූ උතුරු අයර්ලන්ත නළු රේ ස්ටීවන්සන් පසුගිය දා අභාවප්‍රාප්ත විය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 58 කි.

රේ ස්ටීවන්සන් ‘තෝර්’ චිත්‍රපට මාලාවට සහ ‘ස්ටාර් වෝර්ස්’ චිත්‍රපට හා බැඳුණ් ‘අසෝකා’ ටෙලි කතා මාලාවටත් සම්බන්ධ විය. ‘අසෝකා’ ටෙලි කතා මාලාව තවම විකාශය වී නැත. 2008 වසරේ තිරගත වුණු ‘පනිෂර් 2’ චිත්‍රපටයේ පනිෂර්ගේ චරිතයට පණ පෙව්වේ ද මොහුය.

අභාවප්‍රාප්ත වන විට ඔහු ඉතාලියේ ඉෂියා දුපතේ ඔහුගේ නවතම ක්‍රියාදාම චිත්‍රපටය වන ‘කැසිනෝ ඉන් ඉෂියා’ චිත්‍රපටයේ රූගත කිරීම්වල නියැලී සිටියේය.

මරණයට හේතුව මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති අතර චිත්‍රපටයේ රඟපාමින් සිටින අතරතුර ඔහුව රෝහල් ගත කර ඇත. රෝහල් ගත කිරීමෙන් පසු මියගිය බව පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS