මහේෂ් බාබුගේ ’සර්කරු වාරී පාටා’



තෙළිඟු සුපිරි තරුව, මහේෂ් බාබු ප්‍රධාන චරිත නිරූපණය කරන, සර්කරු වාරී පාටා Sarkaru Vaari Paata, මෙම 2022 වසරේ බොහෝ දෙනා මග බලා සිටි චිත්‍රපටයක් කීවොත් එය නිවැරදිය. සිනමාහල්වලට රොක් වී Sarkaru Vaari Paata නැරැඹීමට මහේෂ් බාබුගේ රසික රසිකාවියෝ නොඉවසිල්ලෙන් බලා සිටියහ. පසුගිය 13 වැනිදා ඒ සදහා අවස්ථාව උදා විය.

බොහෝ දෙනා Sarkaru Vaari Paata ආදරයෙන් වැළද ගනිද්දී, චිත්‍රපටය විවේචනය කළ පිරිස් ද නැත්තේම නොවෙයි. Sarkaru Vaari Paata දේශීය වශයෙන් මෙන්ම විදේශීයව ද ආදායම් වාර්තා බිද දැමීමට පටන් ගෙන ඇත. පළමු දිනයේ Sarkaru Vaari Paata ඉතා සාර්ථක වූ අතර පළමු දිනයේ වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපට 10 අතරට ද එය එක් විය. පළමු දිනයේ දී ඉන්දීය රුපියල් කෝටි 47.40 ක් ඉපැයීමට Sarkaru Vaari Paata සමත් විය. එය මේ වනවිට රාධා ක්‍රිෂ්ණා කුමාර් අධ්‍යක්ෂණයෙන් හැඩ ගැන්වුණු, ප්‍රභාෂ් සහ පූජා හෙජ්ඩේ ප්‍රධාන චරිත නිරූපණය කරන ආදර කතාව 'රාධා සියම්' ද පසු කර තිබේ. පළමු දිනයේ 'රාධා සියම්' ඉපැයූ මුදල ඉන්දීය රුපියල් කෝටි 46 කි.

Sarkaru Vaari Paata චිත්‍රපටය හැඩ ගැන්වීමට, සුරූපී නිළි කීර්ති සුරේෂ් ද එක් වී සිටින්නීය.  Sarkaru Vaari Paata චිත්‍රපටය ක්‍රියාදාම පිරි ප්‍රහසන චිත්‍රපටයක් බව එහි අධ්‍යක්ෂ පරසුරාම් පෙන්වා දී තිබේ. චිත්‍රපටයේ නිෂ්පාදන කටයුත්තට මහේෂ් බාබු ද දායකත්වය ලබා දී ඇත. චිත්‍රපටය මෙම 2022 ජනවාරි 13 වැනිදා තිරගත කිරීමට නියමිතව තිබුණු නමුත්, 'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් එය මැයි 12 වැනිදාට කල් දැමුණි.

(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)


RECOMMEND POSTS