ධනු ඉන්නසිතම්බිට ජගත් සම්මානයක්



 

HI!! TV නාළිකා ප්‍රධානී, ධනු ඉන්නසිතම්බි, 2021 ආසියානු-අප්‍රිකා ව්‍යාපාරික සමුළුවේදී ඇගැයීමට ලක් විය. ඒ, 2021 වසර සඳහා ශ්‍රීලංකාවේ වඩාත් ආදරයට පත් වුණු රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නා ලෙසිනි.

විජය පුවත් ආයතනයේ 'Digital Media' හා සම්බන්ධ කැපී පෙනෙන චරිතයක් ලෙස ධනු ඉන්නසිතම්බි සැලකිය හැකිය. HI!! ටීවී නාළිකාවේ  'Danu on Fire' සහ 'Date with Danu' වැඩසටහන් මෙහෙයවන ධනු මේ වනවිට දෙස් විදෙස් ප්‍රකට රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙස ප්‍රකටය.

ඊට අමතරව, ධනු ඉන්නසිතම්බි, HI!! ඔන්ලයින් හරහාත් ලංකාදීප ඔන්ලයින් හරහාත් ජනප්‍රිය වී සිටී. ලංකාදීප ඔන්ලයින් හරහා එළිදැක්වෙන 'ධනුට කියන්න' වැඩසටහන හරහාත් ධනු සිංහල රසික රසිකාවියන්ගේ ආදර දිනා සිටී.

2021 ආසියානු-අප්‍රිකා ව්‍යාපාරික සමුළුවේදී ධනු ධනු ඉන්නසිතම්බි ඇගැයීමට ලක් වූයේ ඔහු වැඩසටහන් ඉදිරිපත් කිරීමේ හැකියාව ඉතා සුවිශේෂී එකක් වන බැවිනි.

ආදරයෙන් සහ ගෞරවයෙන් වැඩසටහන්වලට පැමිණෙන ආරාධිත අමුත්තන් පිළිගෙන ඔවුන් සමඟ කුළුපඟ වී, නරඹන්නන් තෘප්තිමත් ආකාරයට ප්‍රශ්න අසමින්, සාකච්ඡා කිරීමට ධනු ට ඇත්තේ සුවිශේෂී හැකියාවකි.

(ඩේලිමිරර්)


RECOMMEND POSTS