තමන්නාගේ මූඩ් එක



තමන්නා භාතියා දෙමළ සිනමාවේත් තෙලිගු සිනමාවේත් මැණිකක් කීවොත් එය නිවැරදිය. මේ දිනවල ඇය සිටින්නේ හොඳ ‘මූඩ්’ එකකය. පසුගිය දා ප්‍රංශයේ කෑන්ස් සිනමා සම්මාන උළෙලට ද භාතියා සහභාගී වූයේ කාගේත්‍ කතාබහට ලක් වෙමිනි.

තමන්නාගේ නවතම චිත්‍රපටය වන්නේ F3: Fun and Frustration තෙලිගු ප්‍රහසන චිත්‍රපටයයි. ​ F3: Fun and Frustration තමන්නාගේ සෙසු චිත්‍රපට හා සැසදිය නොහැකිය.

කෙසේ නමුත් චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කර දින 3 ක් ඇතුළත එය ඉන්දීය රුපියල් කෝටි 63 කට වඩා උපයා තිබේ. වරුන් ටෙජ් සහ වෙන්කටේෂ් ද F3: Fun and Frustration චිත්‍රපටයේ ප්‍රධාන චරිතවලට දායක වී සිටිති.

‘F3: Fun and Frustration පිටපත මට දකින්න ලැබුණු අවස්ථාවේ පටන් මා සිතුවා චිත්‍රපටය සාර්ථක වේවි. F3: Fun and Frustration පවුල් පිටින් එකට රසවිඳිය හැකි චිත්‍රපටයක්. කොරෝනා වසංගතය නිසා පසුබෑමට ලක්වුණු සිනමා කර්මාන්තය යළි පිබිඳී තිබෙනවා. සිනමා ලෝලීන් සිනමාහල්වල සිනමාව රස විඳිනවා. ඒ ගැන මට හරිම සතුටුයි.’ යැයි තමන්නා පවසයි.

ෆිල්ම්​ෆෙයාර් ඇසුරිනි


RECOMMEND POSTS