ජස්ටින් බීබර්ට දුර්ලභ ස්නායු රෝගයක්



ජනප්‍රිය පොප් ගායක ජස්ටින් බීබර් ඉතා දුර්ලභ ස්නායු රෝගී තත්ත්වයකින් පීඩා විඳින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තරුණ තරුණියන් අතරේ ප්‍රකට ගායකයකු වන 28 හැවිරිදි බීබර් පීඩා විඳින්නේ 'රැම්සි හන්ට් සින්ඩ්‍රෝම්' නමැති රෝගයෙන් යැයි ඔහුට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් පවසා ඇත. මෙය ඉතාමත් දුර්ලභ ස්නායු ආබාධ තත්ත්වයකි.

මේ වනවිට බීබර්ගේ මුහුණේ පැත්තක් අප්‍රාණික වී ඇති බවත්, ඇසිපිය ගැසීම පවා අසීරු වී ඇති බවත් පැවැසෙයි. බීබර් තමන්ගේ රෝගී තත්ත්වය ලොවට හෙළි කළේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ වීඩියෝ පණිවුඩවක් ප්‍රසිද්ධ කරමිණි.

(රොයිටර්)


RECOMMEND POSTS