චාලට් කුමරිය 7 වැනි උපන් දිනය සමරයි



බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේත්, කේම්බ්‍රිජ් ආදිපාදවරිය හෙවත් කේට් මිඩ්ල්ටන්ගේත් දියණිය චාලට් කුමරිය අද (2) සිය හත් වැනි උපන් දිනය සමරයි.

චාලට් කුමරිය, විලියට් යුවළගේ දෙවැනි දරුවා වන අතර, බ්‍රිතාන්‍ය රජ කිරැළට උරුමකම් කියන සිවුවැනියාය. චාලට් කුමරියට වැඩිමල් සොහොයුරෙක් සහ බාල සොහොයුරෙක් සිටිති.

චාලට් උපන්නේ 2015 මැයි දෙවැනිදාය.

උපන් දිනය සමරමින්, චාලට් කුමරිය ඡායාරූප පෙළකට පෙනී සිට ඇති අතර එම ඡායාරූප මේ වනවිට බ්‍රිතාන්‍යයේ Daily Mail වෙබ් අඩවිය පෙන්වා දෙයි.

චාලට් කුමරිය සමඟ එම ඡායාරූපවල ඇගේ බලු සුරතලා ‘ඕර්ලා’ ද සිටිනු දකින්න ලැබේ. රජ පවුලේ දෙවැනි බලු සුරතලා වන්නේ ‘ඕර්ලා’ ය. උපන් දිනය සමරන පුංචි චාලට් කුමරිය ඡායාරූපයට නගා ඇත්තේ ඇගේ මව කේට් මිඩ්යල්ටන් ය. ඉන්පසු ඒවා මාධ්‍ය වෙත ලබා දී ඇත්තේ ද ඇයයි.

චාලට් කුමරියගේ උපන් දිනය සමරමින් විලියම් කුමරු, කේට්, වැඩිමල් පුතු ජෝර්ජ් කුමරු සහ බාල පුතු ලුවී කුමරු ‘නෝෆෝක්’ හි ඔවුන්ගේ පවුලේ මන්දිරයේ රැඳී සිටින බව පැවැසෙයි.

කේට් මිඩ්ල්ටන් උපන් දිනය සමරන සිය දියණිය ඡායාරූපයට නගා ඇත්තේ ‘නෝෆෝක්’ මන්යැදිරයට අයත් උද්‍යානයේදීය.

(ඩේලිමේල්)


RECOMMEND POSTS