‘ඔමික්‍රෝන්’ නිසා වසංගතයක්



‘ඔමික්‍රෝන්’ විකෘති ප්‍රභේදය හේතුවෙන්, ඉරානයේ බිහිසුණු කොරෝනා රැල්ලක් නිර්මාණය වී ඇතැයි එරට සෞඛ්‍ය අංශ අනතුරු අගවයි.

‘ඔමික්‍රෝන්’ හේතුවෙන් ඉරානයේ කොරෝනා වසංගත තත්ත්වය ඉහවහා ගොස් ඇත්තේ දින 47 ක් වැනි කෙටි කාලයක් ඇතුළතය. මේ වනවිට ඉරානයේ සියලු පළාත් ‘රතු කලාප’ ලෙස නම් කිරීමට ද සෞඛ්‍ය අංශ පියවරගෙන තිබේ.

ඒ අතරින් ඉතා බිහිසුණු ලෙස, වේගවත් ඔමික්‍රෝන ව්‍යාප්තියක් වාර්තා වන්නේ ‘යස්ඩ්’ පළාතෙන් බව ද පැවැසෙයි.

මෙම ජනවාරිය ආරම්භ වන විට ඉරානයේ ‘කොවිඩ් 19’ ආසාදිතයන් වාර්තා වූයේ දිනකට 700 කට වඩා අඩුවෙනි. කෙසේ නමුත් මේ වනවිට දිනකට ආසාදිතයන් 9,000 බැගින් වාර්තා වීමට පටන්ගෙන ඇත.

මැදපෙරදිග කලාපයේ ‘කොවිඩ් 19’ වසංගතයෙන් දරුණු ලෙස බැටකන රාජ්‍යය ලෙස සැලකෙන්නේ ඉරානයයි. ඉරානය ‘කොවිඩ් 19’ වසංලතයෙන් පීඩාවට පත් වී සිටින්නේ ඇමෙරිකන් සම්බාධක මධ්‍යයේය. සම්බාධක පනවා ඇත්තේ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙනි.

මේ වනවිට ඉරානයෙන් වාර්තා වන සමස්ත ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන මිලියන 6.2 කි. මරණ වාර්තා වන්නේ 1,32,000 ක් ලෙසය.
පළමු වරට ඉරානයෙන් ‘ඔමික්‍රෝන්’ ආසාදිතයකු හමුවූයේ පසුගිය දෙසැම්බර් 19 වැනිදාය. මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත ‘ඔමික්‍රෝන්’ ආසාදිතයන් ගණන 3,466 කි.

(රොයිටර්)


RECOMMEND POSTS