හොරෙන් වැටුප් ගත් 20ක් නිදහස් කරලා



කුවේටයේ නීතිවිරෝධි ආකාරයෙන් වැටුප් ලබාගත් පුද්ගලයින් විසිදෙනෙකු තාවකාලිකව නිදහස් කර ඇති බව වාර්තා වේ.

රජයේ ආයතනවල සේවය කරන බව ව්‍යාජ ලෙස පෙන්වමින් වැටුප් ලබා ගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

වංචනික ආකාරයෙන් වැටුප් ලබා ගත් කුවේට් පුරවැසියන් 20 දෙනෙකු අපරාධ අධිකරණය තාවකාලිකව නිදහස් කර තිබේ.

කුවේට් ජාතිකයන්ට රැකියා ලබාදීමේදි මෙවැනි කටයුතු සිදුවන බවත්, වංචනික පුද්ගලයින්ව නීතිය රැහැනට කොටු කරගැනීම සඳහා කටයුතු කරන බව කුවේට් මහජන බල අධිකාරිය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS