හෙරොයින් ටොන් 1.5ක් අල්ලයි



අබුඩාබි පොලීසිය හෙරොයින් ටොන් 1.5ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

කලීෆා වරාය හරහා විදේශීය රටකට හෙරොයින් තොගය ප්‍රතිනැව් ගත කිරීමට කටයුතු කර ඇත.

මත්ද්‍රව්‍ය නිවාරණ අංශය සිදුකළ පරීක්ෂාවකදී මෙම හෙරොයින් තොගය සොයාගත් බව බුඩාබි පොලිස් ප්‍රධානී, ෆාරිස් අල් මැස්රෝයි ප්‍රකාශ කළේ ය.

හෙරොයින් තොගයේ වටිනාකම ඩිරාම් මිලියන 150 ක් (ඩොලර් මිලියන 40 ක්) පමණ වන බව පොලිස් ප්‍රධානියා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.ඒන් ඔන්ලයින්, අබුඩාබි නුවර)


RECOMMEND POSTS