හෙදියක් ආරක්ෂක නිලධාරියාගේ ඇඟට වැටිලා



ඊජිප්තු හෙදියක් ගොඩනැගිල්ලකින් බිමට පැනීම හේතුවෙන් ආරක්ෂක නිලධාරියකු ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

හෙදිය සේවය කළ රෝහලේ හය වන මහලේ ජනේලයෙන් බිමට පැන ඇති අතර, ගොඩනැගිල්ලේ පහළ කොටසේ රාජකාරී කටයුතු කරමින් සිටි ආරක්ෂක අංශ නිලධාරියකුගේ ශරීරය මතට වැටී ඇත.

බරපතල ලෙස අස්ථි බිඳීම් සහ මාරන්තික තුවාල සිදුවීම හේතුවෙන් ආරක්ෂක නිලධාරියා ජිවිතක්ෂයට පත් වී ඇත.

කෙසේ වෙතත්, එම අනතුරින් හෙදියට තුවාල සිදුවී ඇති අතර, ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහල් ගත කර ඇත.

මානසික රෝගී තත්ත්වයක් හේතුවෙන් සියදිවි හානිකරගැනීමට තැත් කර ඇති බව පසුව අනාවරණය වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කයිරෝ නුවර)

RECOMMEND POSTS