හුසේන් කුමරු රාජකීය තනතුරු අත්හරී



ජෝර්දාන රජුගේ අඩ සොහොයුරු හම්සා බින් හුසේන් කුමරු සිය රාජකීය තනතුරුවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.
කුමරු මෙම තීරණය ප්‍රසිද්ධියට පත් කළේ ට්විටර් පණිවුඩයක් හරහාය.

හම්සා බින් හුසේන් කුමරු පසුගිය වසරක කාලයේ නිවාස අඩස්සියේ පසුවිය. ඒ, ජෝර්දානයේ දෙවැනි අබ්දුල්ලා රජු විවේචනය කළ බැවිනි.

අබ්දුල්ලා රජුගේත් හම්සා කුමරුන්ගේ පියා හුසේන් රජුය. 1999 වසර තෙක් අඩ සියවසකට ආසන්න කාලයක් තිස්සේ ජෝර්දානය පාලනය කළේ හුසේන් රජුය. 1999 වසරේ දී හුසේන් රජු අභාවප්‍රාප්ත විය.

එම අවස්ථාවේදී ඔටුන්න හිමි කුමරු ලෙස හම්සා බින් හුසේන් කුමරු නම් කිරීමට, එවකට අබ්දුල්ලා කුමරු කටයුතු කළත් 2004 දී එය වෙනස් කෙරුණි. අබ්දුල්ලා කුමරු ඔටුන්න හිමි කුමරු ලෙස නම් කරනු ලැබුණු අතර පසුව ඔහු ජෝර්දානයේ රජු බවට පත් විය.

(අල් ජසීරා)


RECOMMEND POSTS