හාම්පුතාගේ ඝාතකයාට මරණ දඩුවම



අජ්මාන් නුවර හාම්පුතෙකු ඝාතනය කළ සේවකයෙකුට අජ්මාන් අපරාධ අධිකරණය මරණ දණ්ඩනය ලබා දී ඇති බව වාර්තා වේ.

අජ්මාන් නුවර ආපනශාලාවක් අසලදී අදාල පිහි ඇනුම සිදුකර ඇති බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

ප්‍රහාරයෙන් බේරීමට උත්සාහ කර ඇති නමුත් විත්තිකරු ඔහු පසුපස පන්නා ගෙන ගොස් කිහිප වතාවක්ම පිහියෙන් ඇන පහර දී ගෙල කපා ඝාතනය කර ඇත.

ඝාතනය කිරීමෙන් පසු බිම ඇද වැටී ඇති අතර, අපරාධකරු එම ස්ථානයෙන් පලා ගොස් ඇති බව කළීජ් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - අජ්මාන් නුවර)


RECOMMEND POSTS