හවුති මිසයිල ප්‍රහාරය වළක්වා ගනී



සතියක් ඇතුලත තුන්වෙනි වතාවටත් එල්ල කළ හවුති කැරලි කරුවන්ගේ බැලැස්ටික් මිසයිලයක් සාර්ථකව උඩු ගුවනේදී විනාශ කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමත් විය.

ඊශ්‍රායල ජනාධිපති ඉසාක් හර්සොග් ගේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සංචාරය අතරතුරදී හවුති කැරලිකරුවන් මෙම මිසයිලයෙන් පහරදීම නිසා පර්සියන් ගල්ෆ් රාජ්‍යයන් ඇති වී තිබෙන  උණුසුම තත්වය තවත්  වැඩි වී ඇත.

විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ කලක් ජාත්‍යන්තර වෙළදාමට සහ නිවාඩු ගත කිරීමට ආරක්ෂිතම රටක්  ලෙස නමක් දිනා සිටි එක්සත් අරාබි එමිර් රාජ්‍ය දැන් හවුති කැරලි කරුවන් නිසා අනතුරු දායක වෙමින් පවතින බව පැවැසෙයි.

ඩබ්ලිව්.ඒ.එම් පුවත් සේවය පැවසුවේ විනාශ වූ මිසයිලයේ කැබලි ජනගහනයෙන් තොර ප්‍රදේශයකට වැටුණු නිසා කිසිම ජීවිත හානියක් සිදු නොවූ බවය.

ප්‍රහාරයෙන් විනාඩි 30 කට පසු එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යංශය විසින් යේමනයේ අල්-ජෝෆ් පළාතේ මිසයිලය එල්ල කෙරූ ස්ථානය විනාශ කෙරූ කළු සුදු ඡයරූප මාධ්‍ය වෙත නිකුත් කරන ලදී

(විමුක්ති එස් රුද්‍රිගු - ද හින්දු)


RECOMMEND POSTS