හමාස් අණදෙන නිළධාරියෙක් මරුට



ඊශ්‍රායලය එල්ල කළ දැවැන්ත ගුවන් ප්‍රහාරවලින් පසු හමාස් සංවිධානයේ අණදෙන නිලධාරියෙක් ජිවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.
ප්‍රහාරවලින් පුද්ගලයන් 65 දෙනෙකුවත් ජීවිත්ක්ෂයට පත් වී ඇති බව එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

හමාස් අණදෙන නිලධාරියා සහ හමාස් සාමාජිකයන් 15 දෙනෙකු ගුවන් ප‍්‍රහාරවලින් මිය ගිය බව ඊශ‍්‍රායල අග‍්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහු නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ය.

පලස්තීනය එල්ල කළ ප්‍රහාරවලින් ඊශ්‍රායල් ජාතිකයන් හය දෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ගාසා නගරය)


RECOMMEND POSTS