හපන දුම්කොළ විකුණා දඩ කයි



ඕමානයේ විලායට් නගරයේ නීති විරෝධීව හපන දුම්කොළ තොගයක් අලෙවි කළ විදේශ ශ්‍රමිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.

විදේශ ශ්‍රමිකයන් පිරිසට ඕමාන් රියාල් 2,000ක දඩයක් නියම කළ බව ඕමාන් රාජකීය පොලීසිය ප්‍රකාශ කළේ ය.

ඕමාන් පාරිභෝගික ආරක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ හදිසි වැටලීමකදි දුම්කොළ තොගය වෙළඳසැලක කසල බදුන් තුළ දමා තිබියදි සොයා ගැනීමට සමත් වී ඇති අතර, විවිධ ප්‍රමාණවල පැකට් 180ක් අත්අඩංගුවට ගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS