හතර වැනි යුධ නැව එළිදකියි



සෞදි අරාබියේ හතර වැනි අති-නවීන යුධ නැව ස්පාඤ්ඤයේ දි එළිදක්වා ඇති බව වාර්තා වේ.

යුධ නැව ජාසන් නමින් නම් කර ඇති අතර, ස්පාඤ්ඤයේ නැව් නිෂ්පාදන සමාගමක් වන නවාන්ටියා නාවික කර්මාන්ත සමාගම සමඟ සෞදි හමුදා කර්මාන්තායතනය එක් ව යුධ නැව නිෂ්පාදනය කර ඇත.  

යුධ නැව එළිදැක්වීමේ අවස්ථාවට ස්පාඤ්ඤයේ සෞදි තානාපති, අසාම් බින් අබ්දුල්කරිම් අල්-කයින්, සෞදි හමුදා කර්මාන්තායතනයේ ආයතනික සන්නිවේදන, ආධාරක සේවා සහ තොරතුරු තාක්‍ෂණ අංශයේ උප-සභාපති, වේල් බින් මොහොමඩ් අල් සර්හාන් සහ සෞදි රාජකීය නාවික හමුදාවේ සහ ස්පාඤ්ඤ නාවික හමුදාවේ ඉහළ පෙළේ නිලධාරීන් සහභාගි වී ඇත.

අති-නවීන තාක්ෂණයෙන් සමන්විත යුධ නැව 2024දී භාරදීමට නියමිත ව ඇති බවත්, සැළසුම් කළ කාලයට වඩා වසරක් ගත වී ඇති බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS