සෞදියෙන් සුඩානයට මිලියන 100ක්



සෞදි අරාබිය සුඩානයට විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, ඇමරිකානු ඩොලර් මිලියන 100ක් ලබා දෙන බව සෞදි අල් එක්බරියා රූපවාහිනිය නාලිකාව විකාශනය කළේය.

සුඩානයේ පවතින ගැටුම් හේතුවෙන් සුඩාන ජනතාව ඉතා අසරණ තත්ත්වයකට පත් ව සිටින අතර, මානුෂිය ආධාරයක් ලෙස අදාල මුදල් ප්‍රමාණය සුඩානයට ලබාදීමට සෞදි අරාබිය කටයුතු කරයි.

සුඩාන හමුදා සහ පැරාමිලිටරි කණ්ඩායම අතර කාර්ටූම් හිසති තුනක් තිස්සේ පවතින ගැටුම් අවසන් කිරීම සඳහා ජාත්‍යන්තර මැදිහත්කරුවන් මේවනවිට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - රියාද් නුවර)

RECOMMEND POSTS