සෞදියෙන් රටවල් 16කට තහනමක්



සෞදි අරාබිය රටවල් 16කට යෑම තහනම් කර ඇති බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

ලෙබනනය, සිරියාව, තුර්කිය, ඉරානය, ඇෆ්ගනිස්ථානය, ඉන්දියාව, යේමනය, සෝමාලියාව, ඉතියෝපියාව, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, ලිබියාව, ඉන්දුනීසියාව, වියට්නාමය, ආර්මේනියාව, බෙලරුස් සහ වෙනිසියුලාව තහනම් කළ රටවල් වේ.

කොරෝනා වසංගත තත්ත්වය යළි ඉහළ යෑම හේතුවෙන් එම රටවලට ගමන් කිරීම සෞදි ජාතිකයන්ට තහනම් කිරීමට පියවර ගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS