සෞදියෙන් ගුවන් මඟීන්ට තහනමක්



කොවිඩ්-19 එන්නත ලබා ගෙන නොමැති පුද්ගලයන්ට අභ්‍යන්තර ගුවන් ගමන් තහනම් කරන බව වාර්තා වේ.

කොවිඩ්-19 එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් ගුවන් මගීන්ට පමණක් අභ්‍යන්තර ගුවන් ගමන්වලට අවසර ලබා දීමට කටයුතු කරන බවත්, අදාල තහනම 2021 සැප්තැම්බර් 01 දින සිට ක්‍රියාත්මක කරන බව සෞදි සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි. 

වසය අවුරු 12ට අඩු සහ කොවිඩ්-19 එන්නත ලබා ගැනීමෙන් නිදහස් වූ පුද්ගලයන්ට මෙම නීතිය අදාළ නොවන බව ජාතික ගුවන් සේවය පැහැදිලි කර තිබේ.

රටවල් 20 කට පනවා තිබූ විදෙස් ගුවන් ගමන් තහනම ඉවත් කරන බවත්, සෞදි අරාබියෙන් යාමට පෙර කොවිඩි-19 එන්නත් මාත්‍රා දෙකක් ලබා ගත් විදේශ ශ්‍රමිකයන්ට නැවත පැමිණීමට අවසර දෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS