සෞදිය හිමෙන් වැසෙයි



සෞදි අරාබියේ ටබුක් නගරය හිමෙන් වැසී ගොස් ඇති බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

එම නගරය හිමෙන් වැසී ගොස් තිබෙන ආකාරය දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ සාමාජ ජාල වෙබ් අඩවිවලට එක්කිරීමට පුද්ගලයින් කටයුතු කර ඇත.

මෝටර් රථ හිමෙන් වැසී ඇති අතර, ඝන ඇඳුම් ඇඳ සිටින පුද්ගලයින් සතුටු වන ආකාරය එම ඡායාරූපවල සහ වීඩියෝ දර්ශනවල දැක්වේ.

තද වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතින බැවින් අවධානයෙන් සිටින ලෙස සිවිල් ආරක්ෂක අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS