සෞදිය සමඟ සහයෝගිතාවය වැඩි කර ගනියි



ඕමානය සහ සෞදි අරාබිය සංචාරක ක්ෂේත්‍රයේ  සහයෝගිතාවය වැඩි කරගැනීමට කටයුතු කරන බව වාර්තා වේ.

සෞදි වෙළඳපොලේ ප්‍රධාන සංචාරක සමාගම් ආකර්ෂණය කර ගැනීම කෙරෙහි වැඩි අවධානය යොමු වී ඇති බව ඕමාන් සංචාරක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

ඕමාන් සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාවය වැඩි කරගැනීම සඳහා පොදු සන්නිවේදන මාර්ග සොයා ගැනීමේ අරමුණින් සෞදි අරාබිය සමඟ කටයුතු කරන බව ටයිම්ස් ඔෆ් ඕමාන් වෙබ් අඩවිය වාර්තා කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS