සෞදිය අභ්‍යාවකාශයට යන්න හදයි



සෞදි අරාබිය ඒකාබද්ධ මිනිසුන් සහිත අභ්‍යවකාශ මෙහෙයුමක් සඳහා සූදානම් බව වාර්තා වේ.

සෞදි අරාබිය සමඟ මිනිසුන් සහිත අභ්‍යවකාශ මෙහෙයුමක් සඳහා සූදානම් වෙමින් සිටින බව රුසියානු නියෝජ්‍ය අගමැති ඇලෙක්සැන්ඩර් නොවාක් නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

රුසියානු ජනාධිපතිවරයා අනුමැති ලබාදෙන්නේ නම් 2030 වනවිට අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක් ඉදිකර කක්ෂ ගත කිරීමට කටයුතු කරන බව රුසියානු අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය. 

මෙම ව්‍යාපෘතිය රුසියානු අභ්‍යවකාශ ගවේෂණය ක්ෂේත්‍රෙය් නව පරිච්ඡේදයක් සනිටුහන් කරන අතර, එක්සත් ජනපදය සමඟ දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමඟ පැවති සහයෝගීතාවය අවසානයක් වනු ඇත.

රුසියාව සහ සෞදි අරාබිය යන රටවල් දෙකම ලෝක බලශක්ති වෙළඳපොලේ ප්‍රධාන තෙල් අපනයන කරුවන් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS