සෞදි නියෝජිතයන් ඉවත් කර ගනියි



ඇෆ්ගනිස්ථානයේ දැනට පවතින අස්ථාවර වාතාවරණය හේතුවෙන් සෞදි රාජ්‍යතාන්ත්‍රිකයින් ඉවත් කරගැනීමට සෞදි අරාබිය කටයුතු කර ඇත.

ඒ අනුව, ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පිහිටි සෞදි තානාපති කාර්යාලයේ සේවය කළ සියළුම සාමාජිකයින් සහ රාජ්‍යතාන්ත්‍රිකයින් ඉවත් කරගැනීමට කටයුතු කර ඇති බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබේ.

තානාපති කාර්යාලයේ සියළුම සාමාජිකයින් නිවෙස්වලට පැමිණ ඇති බව සෞදි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS