සෞදි තානාපති ඇමතිව හමුවෙයි



ඕමානයේ සෞදි තානාපති, ඉහළ පෙළේ ඕමාන් අමාත්‍යවරයෙක් හමු වී ඇති බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

ඕමාන් සංස්කෘතික, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය, සයීඩ් තියසින් බින් හයිතම් අල්-සයිඩ් සෞදි තානාපති, අබ්දුල්ලා සෞඩ් අල්-අන්සිව ඉතා උණුසුම් ආකාරයෙන් පිළිගෙන සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

ඕමානය සහ සෞදි අරාබිය අතර පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය වැඩිදියුණු කරගන්නා ආකාරය පිළිබඳව සාකච්ඡා කර ඇත.
එමෙන්ම, සංස්කෘතික, ක්‍රීඩා හා තරුණ කටයුතු යන අංශවල දෙරටේ සහයෝගීතාව ඇති කරගන්නා ආකාරය පිළිබඳවද තානාපතිවරයා සහ අමාත්‍යවරයා සාකච්ඡා කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS