සෞදි කුමරු ග්‍රීසියට යන්න සැරැසෙයි



සෞදි කුමරු, මොහොමඩ් බින් සල්මාන් ග්‍රීසියේ සංචාරය කරන බව වාර්තා වේ.

එම සංචාරය අනිද්දා එනම් ජුලි 26 වැනි දින සිදුවන බවත්, අගමැති කිරියාකොස් මිට්සෝටාකිස් හමුවීමට නියමිතව ඇති බව ග්‍රීක විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

සෞදි කුමරුගේ ග්‍රීක සංචාරය සම්බන්ධයෙන් වැඩි විස්තරයක් ග්‍රීක විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර නොමැත.

බලශක්ති ක්ෂේත්‍රය, හමුදා සහයෝගීතාව සහ සමුද්‍ර සන්නිවේදන යන ක්ෂේත්‍රවලට අදාලව ද්විපාර්ශ්වික ගිවිසුම් අත්සන් කිරීමට නියමිතව ඇති බව ග්‍රීක විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය කිරීමෙන් පසු යුරෝපා සංගමයේ රටක සිදුකරනු ලබන පළමු සංචාරය මෙය වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - රියාද් නුවර)

RECOMMEND POSTS