සෞදි කතුන් 31 ක් දුම්රිය රියදුරු පුහුණුවට



සෞදි කාන්තාවන් 31 දෙනෙකු දුම්රිය රියදුරු පුහුණුව සඳහා මුල් වරට තෝරාගෙන ඇ.ති බව වාර්තා වේ.

දුම්රිය රියදුරන් ලෙස සේවය කිරීමට අයදුම් කළ කාන්තාවන් 28,000ක් අතරින් තෝරාගත් සෞදි කාන්තාවන් 31 දෙනෙකු හරමේන් අධිවේගී දුම්රියේ පුහුණුවීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කර ඇති බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

මූලික දුම්රිය දැනුම, ගමනාගමන සහ ආරක්‍ෂක රෙගුලාසි, කාර්මික දෝෂ, ගිනි නිවීම, මෙන්ම දුම්රිය යටිතල ව්‍යුහයට අදාළ තාක්ෂණික දැණුම ඇතුළුව පැය 483 ක න්‍යායික පුහුණුව සම්පූර්ණ කරඇත.

පුහුණුව අවසන් කිරීමෙන් පසු පවත්වන ලබන පරීක්ෂණයෙන් සමත් වන සෞදි කාන්තාවන්ට දුම්රිය රියදුරන් ලෙස සේවය කිරීමට හැකියාව ලැබෙයි.

ජානක ප්‍රියදර්හන ජයතිලක
(GDN Online රියාද් නුවර)

RECOMMEND POSTS