සෙබළියන්ගේ පුහුණුවට පූජකයින්ගේ විරෝධය



කුවේයේ පළමු හමුදා කාන්තා කණ්ඩායමේ පුහුණුවීම්වලට මුස්ලිම් පූජකවරුන්  විරුද්ධත්වය ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. 

පූජකවරුන්ගේ විරුද්ධත්වය හේතුවෙන් හමුදා සෙබළියන්ගේ පුහුණවීම් කල් දැමීමට සිදු වී ඇති බව කුවේට් ආරක්ෂක අමාත්‍ය, හමාඩ් අල්-ජබර් ප්‍රකාශ කළේ ය.

කුවේට් මුස්ලිම් පූජකවරුන් ආගමික නීතිරීති කෙරෙහි අවධානය යොමු කිරීමේ වැදගත්කම අවධාරණය කිරීමෙන් පසු පුහුණුවීම් කල් දැමීමට කටයුතු කර ඇත.

කාන්තාවන් හමුදා සේවයට බඳවා ගැනීම ඉස්ලාමීය ෂරියා නීතියට සහ කුවේට් සම්ප්‍රදායන්ට පටහැනි බව දැඩි ආගමික මතධාරිහු ප්‍රකාශ කරති.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS