සිසුවියට මැරෙනකම්ම පහරදීලා



ඉරාන ආරක්ෂක අංශ විසින් පාසල් සිසුවියන් පිරිසකට අමානුෂික ආකාරයෙන් පහර දී ඇති බව වාර්තා වේ.

2022 ඔක්තෝබර් 13 වන දින අර්ඩබිල්හි ෂාහෙඩ් බාලිකා උසස් පාසල වටලා ඉරානයේ උත්තරීතර නායකයාට ප්‍රශංසා කරන ගීය ගායනා කිරීමට ගැහැනු ළමයින්ට නියෝග කර ඇති අතර, එම ගීත ගායනා කිරීම පාසල් සිසුවිය පිරිස ප්‍රතික්ෂේප කිරීමෙන් පසු අමානුෂික ආකාරයෙන් පහරදීමට ඉරාන ආරක්ෂක අංශ කටයුතු කළේ ය.

එම පහරදීමෙන් 16 හැවිරිදි අස්රා පනාහි ජීවිතක්ෂයට පත් වී ඇති අතර, සිසුවියන් ගණනාවක් රෝහල් ගත කිරීමට සිදු වී ඇත.

තවත් සිසුවියන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ටෙහෙරාන් නුවර)

RECOMMEND POSTS