සිරියාවේ බස් රියකට ප්‍රහාරයක්



සිරියාවේ රක්කා සහ හොම්ස් යන නගර අතරේ අධිවේගී මාර්ගයේ ධාවනය වන මගී බස් රියකට ප්‍රහාරයක් එල්ල වීමෙන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණු බවත් 12 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ.

සිරියානු ආරක්ෂක අංශ පවසා ඇත්තේ බස් රියට පහර දුන්නේ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් බවය. අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන් සිරියාවේත්, අසල්වැසි ඉරාකයේත් නැගී සිටියේ සිරියානු සිවිල් යුද්ධය අතරතුරේය.

කෙසේ නමුත් සිරියානු රජයට, රුසියාව සහ ඉරානය සහාය ලබා දුන් බැවින්, අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් අඩපණ කර දැමීමට හැකියාව ලැබුණි.

එසේ වුවත් තවමත් අයි.එස්.අයි.එස්. කුඩා කල්ලි සිරියාවේ ක්‍රියාත්මක වන බවත් බස් රියට පහර දුන්නේ එවැනි කල්ලියක් බවත් සිරියානු ආරක්ෂක අංශ වැඩි දුරටත් පවසා තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS