සිරියාවේ බන්ධනාගාරයකට අයි.එස්. ප්‍රහාරයක්



සිරියාවේ අල් - හසකා නගරයේ ග්වෙරාන් බන්නාගාරයට, අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදීන් 100 කට වැඩි පිරිසක් කඩා වැදී පහර දී ඇතැයි පැවැසෙයි.

2019 වසරේ ලැබූ පරාජයත් සමග, බන්ධනාගාරයේ  සිරගත කර සිටි දහස් ගණනක් සිය සගයන් බේරා ගැනීමේ අරමුණින් මෙම ප්‍රහාරය අයි.එස්.අයි.එස් සංවිධානය විසින්  එල්ල කරනු ලැබ ඇතැයි පැවැසෙයි.

බන්ධනාගාරයට කඩාවැදීමට පෙර, අයි.එස්. ත්‍රස්තයන් මෝටර් රථ තුනක් පුපුරවා හැරියේ යැයි ද වාර්තා ​වේ. ත්‍රස්තවාදීන් බන්ධනාගාරයට කඩා වැදුණේ මීට දින කීපයකට පෙරය.

මේ වනවිට බන්ධනාගාරයේ ආරක්ෂාව යළි තහවුරු කර ඇත. ඒ, ඇමෙරිකාවේ ද අනුග්‍රහය ලබන කුර්දි සටන්කාමීන්ගේ මැදිහත් වීමෙනි.

අවුරුදු තුනකට පමණ පෙර, අයි.එස්.අයි.එස් සංවිධානයේ බිඳ වැටීමෙන් පසු සිදු කළ ප්‍රබලතම ප්‍රහාරය මෙය බව ද පැවැසෙයි. කලක් නිහඩව සිට අයි.එස්.අයි.එස් ත්‍රස්තයන් නැවතත් හිස ඔසවා වි යැයි මෙම ප්‍රහාරයත් සමග බියක් ද හටගෙන තිබේ.
 
මෙම ප්‍රහාරයේ දී අත්අඩංගුවට ගත් කැරලිකරුවන්ගේ ප්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා ඇත්තේ මෙම පහර දීම මාස හයක සිට සැලසුම් කළ බවය.

(විමුක්ති එස්. රුද්‍රිගු - සී.එන්.එන්.)


RECOMMEND POSTS