සිරියානු විපක්ෂය යළි එකමුතු වෙයි



සිරියානු ජනාපධිති බෂාර් අල් අසාද්ගේ පාලනයට එරෙහිව, නව මුහුණුවරකින් නැගී සිටින බව සිරියානු විපක්ෂ දේශාපාලන කණ්ඩායම් කියයි.  

සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ ඒවායේ නායකයන් බොහෝ දෙනකු සිටින්නේ විදේශගතවය. ඔවුන් අතර හමුවක් දෝහා කටාර් හි පැවැත්වුණු අතර එහිදී පසුගිය ‘වැරදි’ නිවැරදි කර ගනිමින් දේශපාලන ගමනක් යෑමට එකඟත්වය ඇති කර ගැණුනි.

සිරියානු ජනාධිපතිට එරෙහිව එරට විපක්ෂ කණ්ඩායම් එක් වී විරෝධතා ආරම්භ කළේ මැදපෙරදිග රටවල ‘අරාබි වසන්තය’ යන නමින් විරෝධතා රැල්ලක් ව්‍යාප්ත වෙද්දීය. ඒ වනවිට සිරියානු ජනාධිපති අසාද්ගේ රජය වසර ගණනක පටන් විපක්ෂ දේශපාලන කණ්ඩායම් නිහඬ කරනු ලැබ තිබුණි.

2011 දී විපක්ෂ කණ්ඩායම් අසාද් බලයෙන් නෙරපා දැමමීට ආරම්භ කළ විරෝධතා අවසානයේ සිවිල් යුද්ධයක් තෙක් දුරදිග ගියේය. ඉරාකයේ අයි.එස්. ත්‍රස්තයන් ද විපක්ෂයේ සන්නද්ධ කණ්ඩායම් සමඟ එක් වූයේ ඇමෙරිකාවෙන් සහ ප්‍රංශයෙන් ලැබුණු අවි ආයුධවලින් ශක්තිමත් වෙමිනි. අයි.එස්. ත්‍රස්ත සංවිධානය බිහිවීම සහ ඔවුන් මුළු ලොවටම තර්ජනයක් වූයේ මෙම අවස්ථාවේදීය.

සිරියානු ජනාධිපති අසාද්ගේ රජය, අයි.එස්. ත්‍රස්තවාදීන් ඇතුළු සන්නද්ධ විපක්ෂ කණ්ඩායම්වලට මුහුණ දුන්නේ ඉරානයේත්, රුසියාවේත් සහාය ඇතිවය. ඒ අනුව, අයි.එස්. ත්‍රස්තවාදීන් සහ විපක්ෂ සටන්කාමීන් අඩපණ වූ අතර, විපක්ෂ දේශපාලනඥයන් බොහෝ දෙනෙක් විදේශවලට පලා ගියහ.

(රොයිටර්)


RECOMMEND POSTS