සිරකරුවන් 460කට සමාව
ඕමානය සිරකරුවන් 460 දෙනෙක් නිදහස් කිරීමට කටයුතු කර ඇති බව ඕමාන් ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.
ඊද් අල්-ෆිතර් උත්සවය නිමිත්තෙන් විශේෂ සමාවක් සිරකරුවන්ට ලබාදෙන ලෙස ඕමාන් සුල්තාන් හයිතම් බින් තාරික් නියෝගයක් නිකුත් කර ඇත.
සිරකරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සතුට සැලකිල්ලට ගනිමින් ඊද් අල්-ෆිතර් උත්සවය සතුටින් සැමරීම සඳහා සිරකරුවන් නිදහස් කිරීමට ඕමාන් නායකයා කටයුතු කර ඇත.
ජානක ප්රියදර්ශ ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)