සිතාසි මිලියන 3.4ක් නිකුත් කරලා



කුවේටය 2022 වර්ෂය තුළ සිතාසි මිලියන 3.4ක් නිකුත් කර ඇති බව කුවේට් පොලීසිය ප්‍රකාශ කළේ ය.

කුවේට් ආණ්ඩුකාර ප්‍රදේශ හය තුළ 2022 ජනවාරි 01 දින සිට නොවැම්බර් මාසය දක්වා අතර කාලය තුළ සිදු වු රථවාහන වැරදි සම්බන්ධයෙන් එම සිතාසි ප්‍රමාණය නිකුත් කර තිබේ.

රිය අනතුරුවලින් පුද්ගලයින් 170 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවල සඳහන් කර ඇත.

රථවාහන අනතුරුවලින් සියයට අනූ දෙකක්ම (92%) නොසැලකිමත් ලෙස රිය ධාවනය කිරීම හේතුවෙන් සිදු වු රිය අනතුරු වන අතර, සියයට අටක් (8%) වෙනත් අහේතු නිසා සිදු වු අනතුරු වේ.

අවධානය යොමු නොවීම හේතුවෙන් සිදුවූ සමස්ථ අනතුරු සංඛ්‍යාව 4,594 දක්වා ඉහළ ගොස් ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කුවේට් නගරය)

RECOMMEND POSTS